රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ අද (05) පැවති මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙම වසංගත තත්වයකදී වුවද ජනතාව උනන්දුවෙන් ඡන්දය භාවිතා කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රමාණය පසුගිය 2015 මහමැතිවරණයට වඩා සියයට හතක පමණ අඩුවීමක් පෙන්නුම් කරයි. ගියවර සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සියයට හැත්තෑ හතයි දශම හයයි හයක(77.66%) ප්‍රමාණයකි. ප්‍රමාණය වශයෙන් එක්කෝටි පනස් ලක්ෂ හතලිස් හතර දහස් හාරසිය අනූවක් (15,044,490) වේ.