රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙවරත් පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵල ලැබුණු සැනින් එසැණින්- විශේෂ මැතිවරණ සජීවී විකාශය අද
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙවරත් පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵල ලැබුණු සැනින් එසැණින් ඔබ වෙත ගෙන ඒමට කටයුතු යොදා ඇත.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද ( 06) උදෑසන 08.00ට ඇරඹෙන අතර www.news.lk රජයේ නිල පුවත් වෙබ් අඩවියේ www.election.lk සබැඳිය හරහා මහ
මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය දක්වා සියලු තොරතුරු එසැණින් ගෙන ඒමට කටයුතු යොදා තිබේ.
එදින උදෑසන10.00 සිට රජයේ නිල පුවත් වෙබ් අඩවියේ(www.news.lk) සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ(www.dgi.lk) ෆේස් බුක් ,ට්විටර් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය හරහාද සජීව
විකාශයක් ඉදිරිපත් කරන අතර එම සජීව විකාශය රජයේ චිත්‍රපට අංශය විසින් සංවිධානය කරයි. ඊට සමගාමීව සජීවී විකාශයක් ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවීහි , ඉවෙන්ට් ටීවි (event tv)
නාළිකාව ඔස්සේද විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසන්නේ රජයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර පරතරය අවම කිරීම සඳහා මෙවැනි සජීවී විකාශයක් සංවිධානය කල බවත් ඕනෑම
මාධ්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට එම සජීවී විකාශය හුවමාරු කර ගැනීමේ (share) හැකියාව පවතින බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම සජීවී විකාශය සිදු කල අතර මෙවර මෙම සජීවී විකාශය සිදු කෙරෙන්නේ දෙවැනි වතාවටයි.