ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මැතිවරණයේ ඡන්ද සළකුණු කිරීමේ කාර්යය අවසන් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී (05) දින පැවති මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුවේ දී රජයේ නිල පුවත් වෙබ් අඩවිය(news.lk) පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඇසූ පැණයකට පිළිතුරු වශයෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මේ දක්වා කිසිඳු බරපතල ගණයේ මැතිවරණ කඩකිරීමක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත්, පූර්ව මැතිවරණ සමයේදී මෙන්ම ඡන්දය සළකුණු කිරීමේ කාලයේදීද මැතිවරණ රාජකාරි කිරීම, නීතිය ආරක්ෂා කිරීම, නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම යන කටයුතු දෛනිකව හතලිස් දහසකට(40,000) අධික පොලිස් නිලධාරීන් මගින් සිදුවූ බවත්,මේ වන විට නිලධාරීන් හැත්තෑ දහසක් පමණ රාජකාරිකටයුතු කරන බවත්ය.
මීට අමතරව ඡංගම රාජකාරි රථ 3069ක් ක්‍රියාත්මක වූ බවත්, එමෙන්ම කැරළි මර්දන අංශ හා විශේෂ කාර්ය බලකායට අයත් නිලධාරීන්ද රාජකාරියේ යෙදී සිටි බවත් ඔවුන් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීම සඳහාද ඔවුන් යොදවාගන්නා බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.