කොවිඩ් -19 වසංගත තත්වය තුළ දෙවරක්ම කල් දැමීම සිදුවූ අතර අපේක්‍ෂයන්ට සිය ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමට වූයේද දැඩි සෞඛ්‍යමය නිර්දේශයන්ට සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්වය.
කොවිඩ් -19 වසංගතය පිළිබදව අභියෝගය හමුවේ ආරක්‍ෂාකාරී ලෙස ඡන්ද විමසීම පැවැත්වීමට ඉහල කැපවීමකින් සහ කළමණාකරණයකින් යුතුව කටයුතු කල මැතිවරණ කොමිසමට සහ එයට දායක වූ සියලුම රාජ්‍ය නිලධාරීන්ට අරක්‍ෂක නිලධාරීන්ට මෙන්ම මෙවර මැතිවරණයේදී කැපීපෙනෙන මෙහෙයක් ඉටුකල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය අංශවල කැපවීම බෙහෙවින් අගය කල යුතුය. මෙවැනි අභියෝග හමුවේ 71% ක ප‍්‍රතිශතයකින් ඡන්දය භාවිතා කල ඡන්දදායකයන්ට ද සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වගකීම ඉටුකිරීම වෙනුවෙන් පැෆ්රල් ප‍්‍රණාමය හිමිකරමු.
මැතිවරණ දිනයේදී මැතිවරණයේ ප‍්‍රතිඵලය වෙනස් කිරීමට සෘජු ලෙස හේතුවන සිදුවීම් කිසිවක් වාර්තා නොවූ අතර ඒ පිලිබදව දේශපාලන පක්‍ෂවලට අපේක්‍ෂකයන්ට පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට මෙන්ම සිදුවීම් සම්බන්ධයෙන් ක්‍ෂණිකව මැදිහත්වීම් කල මැතිවරණ කොමිෂන් සභාවේ පැමිණිලි නිරාකරණ මධ්‍යස්ථානවල නිලධාරීන්ගේ සේවයද අගය කල යුතුය.
මැතිවරණයේ සම්පූර්ණ ප‍්‍රතිඵල නිකුත්වී ඇති අතර පශ්තාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් වාර්ථා වී ඇත්තේ 14 ක් පමණි. මැතිවරණයේ පසුව රටේ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට මෙතෙක් දායකවූ අපේක්‍ෂකයන්ට හා ඔවුන්ගේ ආධාරකරුවන්ට අප ස්තූතිවන්ත වන අතර ජයග‍්‍රහනය කල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ජයග‍්‍රහනය ඉතා සාමකාමීව සමරන ලෙසත් පරාජිත අපේක්‍ෂකයන්ට හෝ ඔවුන්ගේ ආධාරකරුවන්ට මානසික හෝ ශාරීරික පීඩාවක් ඇතිවන ආකාරයට කටයතු නොකරන ලෙසත්ය.
ජයග‍්‍රහණය කල සියලූම අපේක්‍ෂකයන්ට පැෆ්රල් සංවිධානය සුභ පතන අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ කාර්යභාරය මැනවින් අවබෝධකරගෙන කටයුතු කරනු ඇතැයි අප අපේක්‍ෂා කරමු. විශේෂයෙන් මාස 5කට අධික කාලයක් පාර්ලිමේන්තුව රැස් නොවීම විශාල පාඩුවක් ලෙස දකින අප මෙම 20 වනදායි ආරම්භවන 9 වන පාර්ලිමේන්තුව අප පුරවැසියන්ගේ යහපත් ප‍්‍රාර්ථනා ඉටුකිරීමට සමත් ක‍්‍රියාදාමයක් ආරම්භ කරනු ඇතැයි විශ්වාස කරමු.