ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා වශයෙන් දෙවැනි වරටත් මෙම අමාත්‍යධූරය ලැබුණු බවත් යුද්ධය පැවති වකවානුවේදී පවා ජනමාධ්‍යවේදින් සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරමින් තමා එම කාර්ය ඉෂ්ඨ කළ බවද ඒ මහතා සඳහන් කළේය.
කිසිම ආණ්ඩුවකට නොතිබූ ජනතා වරමක් ජනතාව තම ආණ්ඩුවට ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා එම වගකීමෙන් තමා ඇතුළු ආණ්ඩුවට බැහැර විය නොහැකි බව පෙන්වා දුන්නේය.
මාධ්‍යවේදීන්ට සහන සළසමින් ප්‍රබුද්ධ මාධ්‍ය ක්ෂේත්‍රයක් ගොඩ නැගීම වෙනුවෙන් තමා කැපවෙන බවද ඒ මහතා කීය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්, කලාකරුවන්, මාධ්‍යවේදින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ