එහිදී මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනාකොට අමාත්‍යතුමා වෙත ආශිර්වාද කළහ. මෙම ආගමික ආශිර්වාද වැඩසටහන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිගේ අනුශාෂකත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී යදමිනි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්මලී ගුණවර්ධන, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙශ්ඨ මහාචාර්ය එච් ඩී කරුණාරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිලරි සිල්වා, ම එ පෙ මහා ලේකම් අධිනීතිඥ තිස්ස යාපා ජයවර්ධන ඇතුළු විශාල පිරිසක් එක්වුහ.