මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    උසස් අධ්‍යාපන වරම් අහිමිවන බහුතරයක් දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් විකල්ප මාර්ග හඳුන්වාදීම වගකීමක්- රට ගොඩනැගීමේ වගකීම තම රජය භාරගන්නවා- අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

    අගෝස්තු 14, 2020

    ජනාධිපතිතුමන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රට ගොඩනැගීමේ වගකීම තම රජය භාරගන්නා බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ වගකීම ඉටු කරන ලෙස බවත්, ජනතාව එම වගකීම  උපරිමයෙන් ඉටු කර ඇති අතර, දැන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරදිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි.

    නව රජයේ අධ්‍යාපන විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස (13) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිය ධුරයෙහි රාජකාරී ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවති මෙම විශේෂ අවස්ථාවට හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද එක්ව සිටි අතර, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, රාජ්‍ය  ලේකම් රංජිත් චන්ද්‍රසේකර, මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන් ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තවමත් දරුවන්ගේ විශ්ලේණාත්මක ශක්තිය වෙනුවට තවමත් කටපාඩම් කරගත් දේ වමාරමින් දැනුම මැන බලන නිසා, ලබාගත් දැනුම සහ එහි ප්‍රායෝගික භාවිතය  තුළ විශාල හිඩැසක් පවතින බව ද මෙම ක්‍රමය වෙනස් කළ යුතු බව ද, ඒ සඳහා සාම්ප්‍රදායික රාමුවෙන් මිදී අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

    මෙරට අධ්‍යාපනයේ අනාගතය සකස් විය යුතු ආකාරය පිළිබඳ ශක්තිමත් වැඩපිළිවෙළක් සහ පදනමක් සකස් කිරීමට මේ වනවිටත් හිටපු අධ්‍යාපන විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව ද අමාත්‍යවරයා මෙහි දී සිය කෘතවේදී ස්තුතිය පළ කළේය.

    අධ්‍යාපනයෙන් කෙනෙකුගේ ජීවිතයට අවම ප්‍රමාණයෙන් හෝ අගයක් එක් නොවුණහොත් එහි අතිබිහිසුණු ප්‍රතිඵලවලට සමාජයට මුහුණ දෙන්නට සිදුවන බවත්, විශේෂයෙන් ම ප්‍රමාණවත්  යටිතල පහසුකම් නොමැතිවීම වැනි බාහිර හේතු මත උසස් අධ්‍යාපන වරම් අහිමිවන බහුතරයක් දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් විකල්ප මාර්ග හඳුන්වාදීමේ වගකීමක් (Social Mobility)  පවතින බව ද පෙන්වාදුන් අමාත්‍යවරයා පියවරෙන් පියවර ක්‍රමානුකූල සැලැස්මකට අනුව, වඩාත් ප්‍රායෝගික හා කාලෝචිත තීරණ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නැංවීමට තමා  අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. ගුරු වෘත්තිය තමාට ආධුනික නොවන බවත්, ඔවුන්ගේ ශක්තිය, නිර්මාණශීලීත්වය සහ ඇපකැපවීම ගැන වසර 26කට අධික අත්දැකීම් තමා සතුව  පවත්නා බවත්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සේ වෘත්තීය ජීවිතයට පිවිස උපකුලපතිවරයෙක් ලෙස ද සේවය කර ඉන් අනතුරුව දේශපාලනය පිවිසුණු තමාට මෙරට අධ්‍යාපනය  සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ කැපවීම, සහයෝගය සහ නිර්මාණශීලී දායකත්වය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya