මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    මේ රටේ ජල දරිද්‍රතාවයන් දුරු කිරීමට පියවර ගන්නවා - අමාත්‍ය වාසුදේව නානායක්කාර

    අගෝස්තු 14, 2020

    ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාව පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ්‍රයේදී 13 වනදා පෙ.ව 9.45 ට යෙදුන සුභ මොහොතින් සිදු විය.

     

    මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා,

    පරිසරයත් ජලයත් අතර පවතින්නේ එක ළඟ සම්බන්ධතාවයක්. ඒ වුණත් ජල සම්පාදන අමාත්‍යාංශය වෙනමත් පරිසර අමාත්‍යංශය වෙනමත් තමයි පවතින්නෙ. නමුත් ජල නාශක වගාවන් ක්‍රමයෙන් ඉවත් කිරීම වෙනුවෙන් අප අමාත්‍යාංශ දෙක අතරේ අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුව තිබෙනවා.විශේෂයෙන් ජල නාශක ශාක විනාශ කරනවා වගේම ජල පෝෂක ශාක වගාව ව්‍යාප්ත කිරීමට අපට ප්‍රබල මැදිහත්වීමක් කිරීමට සිදුවෙනවා.

    මීට අමතරව අපගේ විෂය පථයට අදාළ නිවැරදි තොරතුරු පද්ධතියක් අප කඩිනමින් එකතු කරගත කරගත යුතුව තිබෙනවා. විශේෂයෙන් භූගත ජලය පිළිබඳව ව්‍යාපෘති සහ සම්පත් පිළිබඳව.මේ සියල්ල පදනම් කොටගෙන අප බලාපොරොත්තු වෙනවා මුළු ලංකාවම ආවරණය වන පරිදි ජල දරිද්‍රතාවයෙන් වැඩි ප්‍රදේශ වලත් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමේ ක්‍රියාන්විතය ආරම්භ කරන්න. අවුරුදු තුනක් හතරක් යන විට මේ රටේ ජල දරිද්‍රතාවයන් දුරු කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සම්පූර්ණ පියවර ගන්නා බවත් අමාතත්‍ය වාසුදේව මහතා පවසා සිටියේය.

    එම අවස්ථාවට මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්දන, ජල සම්පාදන අමාත්‍යාංශ රාජ්‍ය ලේකම් එච්.එස්.හරිශ්චන්ද්‍ර, ජාතික ජල සම්පාදන අමාත්‍යාංශ අතිරේක ලේකම් වීරසිංහ, ජාතික ජල ජලසම්පාදන මණ්ඩල සභාපති නිශාන්ත රණතුංග, ජාතික ජලසම්පාදන මණ්ඩල සාමාන්‍ය අධිකාරි රුවිනිස්,ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ, මාධ්‍ය ලේකම් සංජීව ධම්මික යන මහත්ම මහත්මීන් එක්වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya