මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දුන් උපදෙස් වලට මුල්තැන දෙමින් එළඹෙන සඳුදා සියලුම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ

    අගෝස්තු 14, 2020

    සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දුන් උපදෙස් වලට මුල්තැන දෙමින් එළඹෙන සඳුදා (අගෝස්තු 17) සිට සියලුම විශ්ව විද්‍යාලයන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ අද(14) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් රට පුරා පාසල් සහ විශ්ව විද්‍යාල මාස 03කට අධික කාලයක් වසා තැබුණද දරුවන් විවිධ බාධා මධ්‍යයේ අන්තර්ජාල හරහා අධ්‍යනය කටයුතු සිදු කළ බවත් පසුගිය ජූනි 15 දා සිට වෛද්‍ය පිඨයේ ඇතුළු අනෙකුත් පීඨයන්ගේ අවසන් වසර විභාග සාර්ථක ලෙස අවසන් කල බවත් ඒ මහතා කීය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස සියලුම විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇති බවත් ඒ අනුව විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    පසුගිය කොරෝනා වසංගත සමයේ නේවාසිකාගාරවල එක් කාමරයක එක් සිසුවකු පමණක් රැඳවුවද කොරෝනා වසංගතය සමාජයෙන් තුරන් වීමත් සමග සාමාන්‍ය පරිදි සිසුන් නේවාසිකාගාරවල රැඳවීමට කටයුතු කරන බවද අමරතුංග මහතා පැවසීය.

    එහෙත් නේවාසිකාගාර වල එක් කාමරයක සිසිහු ගොනු කිරීමේදී සිසුන් මිශ්‍ර නොකර ඒ ඒ වසර වල සිසුන් රැඳවීමට සහ අමුත්තන් නේවාසිකාගාර තුළට පැමිණීම සීමා කිරීමටද පියවර ගෙන තිබේ.

     මෙම මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාද එක්ව සිටියහ

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya