සිය අභිනව අමාත්‍ය ධුරයේ වැඩ භාරගනිමින් පැවති උත්සව අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.
එමෙන්ම සුලු මත්ද්‍රව්‍ය වැරදි සඳහා මේ වන විට සිරගතව සිටින අයවලුන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බවත්, එමෙන්ම සුලු වැරදි සඳහා දඩ ගෙවාගත නොහැකිව සිරගතව සිටින අයවලුන් සඳහා නිදහස බලාදීමට කඩිනම් වැඩ පිළීවෙලක් යෙදීමට කටයුතු කරන බවත්, වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
මේ වන විට බන්ධනාගාර තුළ විශේෂ පුද්ගලයන්ට සිදු කෙරෙන වැඩි සැළකිලි ලැබෙන ක්‍රමය සහමුලින්ම උපුටා දැමීමට කටයුතු කරන බවටත්, ඉදිරියේදී තරාතිරම නොබලා සිරකරුවන්ට ඒකසේ සැළකීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොදන බවත්, ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් පැවසුවාය.