රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ බත්තරමුල්ල, මග නැගුම මහ මැදුරේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගි වෙමිණි.
ජාතික මාර්ග පද්ධතියට කිලෝ මීටර් ලක්ෂයක් ඉදි කිරීමේ ජාතික සංවර්ධන වැඩසටහන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති වඩාත් විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නිමල් ලාන්සා මහතා පැවසීය.
2015 න් පසු අතර මග නතර වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරමින් ජනතාවට වඩාත් සුව පහසු මාර්ග පද්ධතියක් දායාද කිරීම සදහා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව අනුව යමින් කටයුතු කරනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේදී උසස් ප්‍රමිතියකින් හා අවම පිරිවැයකින් යුතුව සිදු කිරීමට බලාපොරොත්තු වන බව නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.