මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරයට පත්වීමට පෙරාතුව 2013 දින සිට හෙතෙම මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ධුරයේ රාජකාරි ඉටු කළේය. එමෙන්ම ශ්‍රී
ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයේද වැඩ කටයුතු කර ඇති අතර, ඉන් නිදහස් වී 2003 වසරේ සිට මහා භාණ්ඩාගාරයට එක්විය.
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ යන ආයතන දෙකෙහිම අධ්‍යක්ෂ ජනරාල් තනතුරු වල වැඩ කටයුතු කළ ඔහු මුල්‍ය හා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති යන
කේෂත්‍රයන්හි බොහෝ තනතුරු දරා වසර 25 කට වඩා මනා අත්දැකීම් වලින් හෙබි අයෙකි. 2009 ජනවාරි මස 31 වන දින සිට 2010 මැයි මස 07 වෙනි දින දක්වා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ
සභාපති වරයා ලෙස කටයුතු කළේය. එමෙන්ම ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ, ශ්‍රී ලංකා බැඳුම්කර හා විනිමය කොමිසමේ, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා ආයතනය, ශ්‍රී ලංකා වරාය
අධිකාරිය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ලංකා බැංකුව ඇතුඵ රජයට අයත් රාජ්‍ය ව්‍යාපාර හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයෙකු ලෙස වැඩ කටයුතු කරනු ලැබීය.
එමෙන්ම ආටිගල මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධියද, එක්සත් රාජධානිය වෝවික් (Warwick) විශ්ව විද්‍යාලයේ ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ
(විද්‍යාවේදී පශ්චාත්) උපාධියක්ද ලබා ගෙන ඇත.