අභිනව අමාත්‍යධුරයේ (14) දින වැඩභාරගනිමින් පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම ගම්මිරිස් වගාකරන මෙරට ගොවීන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා ගම්මිරිස් මිළ ඉහළට ගෙන ඒමට කටයුතු කරන බවත්, ගම්මිරිස් අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස විදේශ රටවලට යැවීම හරහා මෙරටට කොවිඩ් හරහා නැතිවී ගොස් තිබෙන විදෙස් විනිමය යළි ලබාගැනීමට පිටුවහලක් වීමට අපේක්ෂා කරන බවත්,රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට සීනි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, අක්කර විසි එක් දහසක් පමණ උක් වගා කිරීම හරහා මෙරට සීනි ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරන බවත් වක්කුඹුර මහතා පැවසීය.
එමෙන්ම සියලුම ආකාරයේ සුලු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, අපනයන කෘෂිකර්මාන්ත ගම්මානයක් ඉදි කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.