මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

      විදේශ සේවා නියුක්ති කාර්යංශය ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න කඩිනම් පියවර රැසක්…

    අගෝස්තු 15, 2020

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වර්තමානයේ වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කඩිනම් පියවර රැසක් ගැනීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කරයි.

      විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති සාකච්ඡාවක දි හෙළිදරව් වූ තොරතුරු වලට අනුව, මේ වනවිට එම කාර්යාංශය ක්‍රියාත්මක වන්නේ බැංකුවේ ස්ථාවර තැන්පත්වල පොලියෙනි.

    මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ කාර්යාලවල සේවය කරන නිලධාරින් 120 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සදහා වසරකට රුපියල් ලක්ෂ 9300 වැයවන බව හෙළිදරව් විය.

    පවතින කෝවිඩ් තත්වය හමුවේ මෙම නිලධාරින්ගේ රාජකාරි ඇනහිට ඇති බැවින්, ලෝක තත්වය යථා තත්වයට පත්වන තුරු මෙම සියලු නිලධාරි කඩිනමින් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඇමතිවරයා මෙහි දි නිලධාරින්ට උපදෙස් දුන්නේය. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එන්.පී.ඩී.යු.කේ.මාපා පතිරණ, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් සහභාගි වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya