(14) දින උදෑසන යෙදුණු සුභ මොහොතින් නව වනජීවී ඇමති ආර් එම් සී බී රත්නායක මහතා සිය අමාත්‍ය ධූරයේ වැඩ භාරගත්තේය. වනජීවී අමාත්‍යවරයා වැඩ භාරගැනීමේ උත්සවය රාජගිරිය කොවිඩ් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ඒ සදහා විශාල පිරිසක් සහභාගී වුණ අතර හිටපු අමාත්‍ය මහින්ද යාපා මහතාද පැමිණ සිටියේය.
පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවා ධර්ම දේශනා කර අනතුරුව පිරිත් සඣජායනයක්ද සිදුකරන ලදී.
අනතුරුව සුභ මොහොතින් මහා සංඝරත්නයෙහි ආශිර්වාද මධ්‍යයේ අමාත්‍යවරයා වැඩ භාරගත් අතර ඉන්පසු එළඹියේ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්ථාවයි.
ප්‍රථමයෙන් සියල්ලන්ටම ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන් තමා හට මනාප හැත්තෑදහස් හත්සිය ගණනක් පමණ ලබාදෙමින් තමාට මෙම ඇමතිධූරයට පත්වීමට සහාය දුන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තුති කිරීමටද අමතක නොකළේය.
වන සම්පත මෙන්ම වනයේ ජීවත් වන වනසතුන් ආරක්ෂා කරගැනීමේ විශාල භාරදූර කර්තව්‍යයද තමාවෙත පැවරී ඇති බව සදහන් කළ සී බී රත්නායක අමාත්‍යවරයා විශේෂ කරුණු කිහිපයක්
පිළිබදවද අවධාරණය කළේය.
වන සම්පත ආරක්ෂා කරගැනීමට මෙන්ම වනයේ ජීවත් වෙන සතුන් ආරක්ෂා කරගැනීමේ විශේෂ වූත් භාරධූර කර්තව්‍යයක් තමා වෙත පැවරී ඇති බව සදහන් කළ සී බී රත්නායක අමාත්‍යවරයා නුවරඑළියේ ඉදිකිරීමට යෝජිත විශ්ව විද්‍යාලය වන සම්පත් ආශ්‍රිත විශ්ව විද්‍යාලයක් වශයෙන් ඉදිකිරීමට තෝතැන්නක් කරගැනීමට කටයුතු කිරීමට අවස්ථාව ලැබීම හේතුවෙන් තමා වාසනාවන්ත යැයිද පැවසුවේය.
සමස්ත රාජ්‍ය සේවයේම වැඩමුළු පවත්වන ස්ථානයක් මනහර සුන්දර පරිසරය ආශ්‍රිතව මානසික ඒකාග්‍රතාවය රැකගනිමින් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට සූදානම් බවත්, ජනපතිගේ සහ අගමැතිගේ වගකීම හරි ආකාරව ඉටු කරමින් පාංශු ඛාදනය නතර කිරීමට, ඒ සදහා නිසි වැඩපිළිවෙලවල් සකස් කිරීමට, ජලය බැස යාමේදී ජලයෙන් වන හානි අවම කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
සමස්ත කැබිනට් මණ්ඩලයටම අවශ්‍ය දෙයක් වන වන සම්පත සහ පරිසරය ආරක්ෂා කරගැනීම සදහා සෑම අමාත්‍යංශයක් සමගම එක්ව කටයුතු කිරීමටද සූදානම් බව අවධාරණය කළේය. ඉදිරියේදී උපදින සෑම දරුවෙකු සදහාම සෞඛ්‍ය ක්ෂේත්‍රය සමග සම්බන්ධ වෙමින් මතක සිහිවටණයක් ලෙස රෝපණය කරගැනීමට පැලයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද, වල් අලි, රිලවුන්, ඉත්තෑවන්, ඌරන්, මොණරුන් ආදී වන සතුන්ගෙන් සිදුවන හානිය පිළිබද වැඩපිළිවෙලවල් සකස් කිරීමටද අපේක්ෂිත බව අවධාරණය කළේය.
සිය අමාත්‍යංශයට අයත් සෑම නිලධාරියෙකුම රැකීම, ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අභිවෘද්ධිය සදහා වන සෑම කටයුත්තක් වෙනුවෙන්ම නොපැකිළව කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා
පැවසුවේය.
ඔප්පුවක් නැති, බලපත්‍රයක් නැති සෑම පුරවැසියෙකු සදහාම බිම් සවිය සකස් කරමින් ඔවුන් හට අවස්ථාව සලසා දීමටත්, තම දිස්ත්‍රික්කයේ සමනල කන්ද පිහිටා ඇති බැවින් ජල මූලාශ්‍ර සිදී නොයන පරිදි ආරක්ෂා කරගනිමින් සමස්ථ රටටම එම කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරන බව වනජීවී ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.