14 දින පෙරවරුවේ බත්තරමුල්ල සොබාදම් පියසේ පිහිටි පරිසර අමාත්‍යාංහයේ දී පළමුව ඇසළ පැළයක් රෝපනය කරමින් සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අමාත්‍යවරයා 10.11ට යෙදුනු සුබ මොහොතින් රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
පරිසර පද්ධතිය ආරක්ෂා කරගනිමින් රට සංවර්ධන සිදු කරන්නේ කෙසේද යන්න වැඩි අවධානයක් යොමු කිරිමත්,ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම යටතේ කඩිනම් සංවර්ධනයට පරිසර අමාත්‍යාංශයේ දායකත්වය ලබා දෙමින් තිරසර සංවර්ධනය සිදු කිරිමේ වගකිම අපිට පැවරි ඇතිබව ද ඇමතිවරයා මෙහිදි සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා පැවසුවේ විවිධ සංවර්ධනය වැඩපිළිවෙළවල් මේ වන විට නැවති ඇති බවත්,බොහෝවිට එය පරිසර වාර්තා ලබා ගැනීමේ ප්‍රමාණයන් නිසා බවත් පැවසුවේය.ඒවා කඩිනමින් ලබා දී ආයෝජකයින් අධෛර්යය නොකොට තිරසාර සංවර්ධනයකට අප යායුතු බවයි.
එසේම බාරදෙන ඕනැම වගකිමක් ලබා දුන් නායකයින් බලාපොරොත්තු වුවාට වඩා ඒ වගකිම ඉටු කිරීම තම අරමුණ බව ද ඇමතිවරයා වැඩිදුරයත් පැවසීය.
එම අවස්ථාවට නව අමාත්‍යාංශ ලේකම් ලෙස පත් කරන ලද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි වු අතර මහාසංඝරත්නය නියෝජනය කරමින් අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුලු මහාසංඝරත්නය ද සහභාගි වූහ.