බත්තරමුල්ල සෙත්සිරිපාය අදියර II හි පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේ දී ඒ මහතා වැඩ භාර ගන්නා ලදී.
ඉදිරියේ දී මඟී ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් අනුව කටයුතු කරන බව ද, විශේෂයෙන්ම මඟී ජනතාවට ගුණාත්මක බස් සේවාවක් ලබා දීම සඳහා නවීන බස්රථ ධාවනයට යෙදවීමට ද තමා අදහස් කරගෙන සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශයේ නව ලේකම් මොන්ටි රණවක මහතා ඇතුළු නිළධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.