මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන ව්‍යාපෘති ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර

    අගෝස්තු 16, 2020

    ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩ භාර ගනී ධීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතා 13 දින එම අමාත්‍යංශයේ වැඩ භාර ගත්තේය.

    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යංශයේලේකම් ඇතුලු නිළධාරින් රැසක් සහභාගි විය.

    වැඩ භාරගැනීමෙන් පසු අමාත්‍යවරු දෙදෙනා විසින් අමාත්‍යංශයේ සියලු ආයතන වල සියලු ප්‍රධානින් කැදවා අමාත්‍යංශයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව සාකච්ඡා පැවත්විය.

    මෙහිදි කතා කළ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, තම අමාත්‍යංශය සදහා වැඩ භාරදිය හැකි ඉතාමත් තරුණ,බුද්ධිමත්,දක්ෂ රාජ්‍ය අමාත්‍යවරයකු තමන්ට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දී ඇති බවත් එතුමාගේ පියා වන මහින්ද විජේසේකර මහතා හා එකට පාර්ලිමෙන්තුවේ සිටි තමන් සමකාලීන දේශපාලත්ඥයින් වන බවද අද එතුමාගේ පුතා තම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබදව සතුටුවන බවත් කීය.

     

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පසුගිය හය මසක කාලයක් තමන් මෙම අමාත්‍යංශයේ අමාත්‍යදුරය දැරැ බවත් අමාත්‍යංශයේ සිටින ලේකම් තුමිය හා දක්ෂ නිළධාරින් සමග සංවර්ධන ව්‍යාපෘති
    රාශියක් සකස් කළ අතර ඒවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

    මෙහිදි කථාකළ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා  පත්වු රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් තමා ඉතා වාසනා වන්ත බව රජයේ කැබිනට් ඇමතිවරු හා සිය මිතුරන් රාශියක් ප්‍රකාශකළ බවත් එයට හේතුව ඩග්ලස් දේවානන්දා මහතා වැනි යහපත් අමාත්‍යවරයකු යටතේ කටයුතු කිරීමට අවස්ථාව උදාවීම අතිගරු ජනාධිපති තුමන් ද ඒගැන තමාට දැන්වු බවද කියා සිටියේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya