මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    සයුර මැදදී දරුවෙකුට අමානුෂික වධ හිංසනයන්ට ලක් කිරීමේ සිද්ධිය- නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා

    අගෝස්තු 16, 2020

    සයුර මැදදී 16 හැවිරිදි පිරිමි දරුවෙකුට අමානුෂික වධ හිංසනයන්ට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව කාන්තා ළමා සංවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා මහතා පැවසීය.

    අමාත්‍යවරයා දරුවාගේ සුවදුක් විමසීම සඳහා අද (16) උදෑසන මාතර රෝහල වෙත ‍සහ පසුව මාතර මිරිස්සේ පිහිටි දරුවා ජීවත් වන නිවසට ගිය අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

     

    දරුවාගේ උප්පැන්න සහතිකය පවා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් මෙවැනි තත්වයන් රට තුළ ඇතිවීමට ඉඩ දිය නොහැකි බවත් ඒ සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද මෙම අවස්ථාවට එක් වූ අතර අදාළ ධීවර යාත්‍රාවේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බව  අමාත්‍ය කංචන විජේසේකර මහතා   කී්‍ය.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු සහ සෙසු වැඩිහිටි ධීවරයින් සිව්දෙනා එළැඹෙන අගෝස්තු 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya