ඉතිහාසයේ ප්‍රථම වතාවට අමාත්‍යවරයෙක් තම අමාත්‍යාංශයෙන් බැහැරව ආගමික සිද්ධස්ථානයක වැඩ බාර ගැනීම අද දින සිදු වූ විශේෂ සිදුවීමක් ලෙස පෙන්වා දිය හැක.
හුණුපිටිය ගංඟාරාම විහාරාධිකාරී, පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ විසින් අනුශාසනාවක් පවත්වමින් කියා සිටියේ, ගිරුවාපත්තුවේ සිට කොළඹ පැමිණි මහින්ද මහතා ගංඟාරාම විහාරාධිකාරී, ගලබොඩ ඥානේස්වර ස්වාමින්වහන්සේ සමඟ විහාරස්ථානයට පැමිණ අධ්‍යාපන කටයුතු සිදු කළ අතර, එදා සිට අද දක්වා විහාරස්ථානය සමඟ සමීප සබඳතාවක් පවතින බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස පත්වීම සතුටට හේතුවක් බවත්, පසුගිය සමහර නායකයින් බුද්ධ ශාසන අමාත්‍යධූරය බාර ගැනීමට පවා බිය වූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මේ අවස්ථාවේදී, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායක මහතා ද සිය ධූරයෙහි වැඩ බාර ගන්නා ලදී.
සමස්ථ ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝයාවහන්සේලා ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති ජී. එල්. පීරිස් මහතා, රාජ්‍ය අමාත්‍ය
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.