රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික ආශීර්වාද ලබා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සුභ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කරන ලදී.
මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ සියලු කාර්යය මණ්ඩලය ද අමතනු ලැබීය.
එම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන් සහභාගි වූහ.