උදාහරණයක් ලෙස වසර 30 ,40ක් තිස්සේ ඉඩම් භුක්තිය විඳින ඇතැම් ජනතාවට ඉඩම් අයිතිය නොමැතිව විසි තිස් වරක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පැමිණි අවස්ථා ඇති බවත් තවද ව්‍යාජ ඔප්පු සකස් කිරීම්,රජයේ ඉඩම් බලෙන් අල්ලා ගැනීම වැනි සිද්ධීන් සිදු වන බවත් මේ පිළීබඳව වගකීම් සහගත ලෙස සොයා බැලීමට සිදුවන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ (17) නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම්කාර්යාල ගොඩනැගිල්ලෙහිදී අභ්‍යන්තර ආරක්ෂක රාජ්ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිණි.
සියළුම අංශ සමග කැපවීමෙන් කටයුතු කරමින් ජනතාවට උපරිම සේවයක් සිදු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසිය. මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.