ඒ තුළින් එම ශ්‍රමිකයන්ට හෝ එම පවුල් වලට අවශ්‍ය කිසියම් සහනයක් හෝ මැදිහත්වීමක් ක්ෂණිකව ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ( 17)දින නාරාහෙන්පිට සිය අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කරමින් පැවති මාධ්‍ය හමුවේදී ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙරට ආර්ථීකය පෝෂණය කරන ප්‍රධාන අමාත්‍යාංශයක වගකීම තමාට ලැබීම පිළිබඳව අතිශයින් සතුටුවන බවය. ඒ පිලිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් සිය ස්තූතිය පුද කරන බව පැවසීය. ලබා දෙන ඕනෑම අමාත්‍යාංශයක් දක්ෂ ලෙස මෙහෙය වන නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමාගේ නායකත්වය යටතේ කටයුතු කරන්න ලැබීම භාග්‍යයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සාම්ප්‍රදායික විදේශ රැකියා වෙළඳපල සමඟ නව තාක්ෂණය සහිත නිපුණතා පූර්ණ ශ්‍රමිකයන් විදේශ ශ්‍රම වෙළඳපල සඳහා යොමු කිරීම අප අමාත්‍යාංශය අරමුණයි. එසේම, සාම්ප්‍රදායික විදෙස් වෙළඳපල ඇති රට වලට අමතරව, වෙනත් නව තාක්ෂණික ශ්‍රම වෙළඳපල වෙත ශ්‍රමිකයන් යැවීමටත්,තවමත් ලාංකික ශ්‍රමිකයන් ග්‍රහණය කර නොගත් රටවල් සඳහා ද ශ්‍රමිකයන් යොමු කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන සරත් ගුණරත්න, දයාශ්‍රිත තිසේරා, අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ යන මහත්වරුන් ද, රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ද, පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන් ද රැසක් සහභාගි වූහ.