ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධාරියෙකු වන ඒ මහතා එම විශ්ව විද්‍යාලයේම කළමණාකරණය පිළිබද පශ්චාත් උපාධි ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිළිබද පශ්චාත් උපාධි ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිධරයෙකි.ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද හදාරන ලද ඒ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යාපනය පිළිබද පශ්චාත් උපාධි ආයතනයේ උපාධිධරයෙකු ද වේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආර්ථික කටයුතු අමාත්‍යාංශය, වෙළද අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා මීට පෙර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරයා වශයෙන් ද ධිවර අමාත්‍යාංශය, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ,වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය යන කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර ඇත.