සර්ව ආගමික ආශිර්වාද මධ්‍ය යේ අමාත්‍යවරයා සිය ධූරයේ රාජකාරි ආරම්භ කල අතර එතුමාට ආශිර්වාද කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා
ඇතුළු අමාත්‍යවරු රැසක්ද,පවුලේ ඥාතින්ද මෙම අවස්ථාවට එක්වූහ.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කර වැඩිම මනාප 165,790 ක් ලබා ගනිමින් නාමල් රාජපක්ෂ මහතා තෙවෙනි වරටත් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි නාමල් රාජපක්ෂ මැතිතුමා 2013 වසරේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර, 2010-2011 තරඟ වාරයේ නාවික හමුදා රග්බි කණ්ඩායමද මෙහෙයවීය. 2004 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ නායකත්වයද දැරීය. "කාල්ටන්" සත් සාමාජික රග්බි තරගාවලිට ඇතුලු ජාත්‍යන්තර තරගාවලි කිහිපයක්ම සංවිධානය කිරීමට ඒ මහතා මූලික විය.
මෙවර මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තු වරම් හිමිකරගත් තේනුක විදානගමගේ මහතාද අද දිනයේදී " ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන" රාජ්‍ය අමාත්‍යධූරයෙහි දිවුරුම් දෙන ලදි.