මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 79ක් සුවය ලබයි

    අගෝස්තු 18, 2020

    පසුගිය පැය 24ක කාල සීමාව තුළ කොරෝනා රෝගීන් 79ක් සුවවී නිවෙස් බලා ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

    වසංගත රෝග විද්‍යා අංශයෙහි දෛනික වාර්තාවට අනූව පසුගිය පැය 24 තුළ තහවුරු කරන ලද කොරෝනා රෝගීන් ගණන 07ක් වන අතර ඔවුන් සියලුදෙනාම වෙනත් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් බවත් වාර්තා වෙයි.

    ඊයේ දින පෙ.ව. 10.00 වන විට කොරෝනා රෝගීන් 206ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර, අද දින වන විට එම අගය 134 දක්වා අඩුවී ඇත. අද උදෑසන 10 වන විට රෝහල්ගත කර ඇති කොරෝනා  සැක සහිත රෝගීන් 74ක්  බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන දෛනික වාර්තාවේ සඳහන් වෙයි.
    මේ දක්වා තහවුරු කළ සමස්ථ කොරෝනා රෝගීන් ගණන 2900කි. ඉන් 2755ක් සුවය ලැබ ඇති අතර මේ දක්වා මිය ගිය රෝගීන් ගණන 11 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya