කෙරවලපිටියේ සිට විදුලිය බෙදා හරිනු ලබන ග්‍රිඩ් උප පොළක ඇති වූ විදුලිය බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (17) ප.ව. 12.30 න් පසු පැය 08 ක පමණ කාලයක් සමස්ත දිවයිනටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමටත්, එවැනි තත්ත්වයන් නැවත ඇතිවීමේ ප්‍රවනතාවය අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනාගැනීමටත්, මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර මෙම කමිටු වාර්තාව සතියක් ඇතුළත විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අද (18) පෙරවරුවේ ප්‍රථම වරට විදුලිබල අමාත්‍යාංශයේදී රැස්වූ මෙම සත් පුද්ගල කමිටුව, පස්වරුවේදී විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් සිදුකරන ලදී. විදුලි බිඳවැටීමට පාදක වූ කරුණු සම්බන්ධව කරුණු පැහැදිළි කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වී සිටියහ.