මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    අධි තාක්ෂණය භාවිතා කර අවශ්‍ය ඖෂධ මෙරටදී නිෂ්පාදනය කිරීම මඟින් වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පියවර

    අගෝස්තු 19, 2020

      ඉදිරි වසර පහ තුළ ඖෂධ අපනයනය කෙරෙන ප්‍රධාන රටවල් වන අයර්ලන්තය, ඊශ්‍රායලය හා සිංගප්පූරුව මට්ටමට ශ්‍රී ලංකාවත්......
    - බැසිල් රාජපක්ෂ - සභාපති, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය

    ඉදිරි වසර 5 ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවය සපුරාලන අතර අපනයනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.


    බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පවසා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන මැති ඇමැතිවරුන් හා රජයේ නිළධාරීන් සමඟ ( 17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ය.

    දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 85%ක්ම විදේශයෙන් ගෙන්වීම සඳහා මේ වන විටත් රජය අතිවිශාල පිරිවැයක් දරණ බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශීය අවශ්‍යතාවට සරිලන අයුරින් සහ අපනයන ධාරිතාවයෙන් යුත් කර්මාන්තශාලා පෞද්ගලික ආයෝජකයින් මඟින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.


    ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබා දුන් ජනතාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත්, එම වෙනස උදාකිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල ආයතනවල සහ අපනයන ක්ෂේත්‍රයට අදාල ආයතනවල සහාය බලාපොරොත්තුවන බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාවට ඒ වෙනුවට ඉදිරි වසර පහක කාලය තුළ ඖෂධ අපනයන ක්ෂේත්‍රය තුළින් ඉදිරියට පැමිණීමේ හැකියාව ඇති බවද එහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියමානය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත
    සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya