හිටපු අමාත්‍යවරයාගේ නම අභිනව පාර්ලිමේන්තුවේ කතානායක ධුරය සම්බන්ධයෙන් යොජනා වීමට නියමිත බවට පළවන පුවත් සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය(news.lk) කළ විමසුමකදී රජයේ නිල පුවත් වෙබ් අඩවියට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ තමාට මෙම ධුරය ලැබුනහොත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාමට තමා අපේක්ෂා කරන බවත්, ඒ සඳහා තමාට කළහැකි සියල්ල සිදු කිරීමට අපේක්ෂා කරන බවත්ය.