භාවිතයෙන් ඉවත් කරන ලද ලයිට් කණු, රේල් පීලි ඇතුළු අමුද්‍රව්‍ය භාවිතා කොට ග්‍රාමීය මට්ටමින් ඇති ඒ දඬු, වැල් පාලම් සදහා විසදුමක් ලෙස මෙම පාලම් ඉදි කිරීමට අවධානය යොමු කර තිබේ.
මේ පිළිබදව විශේෂ සාකච්ජාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ නියෝජිත පිරිසක් සමග අමාත්‍යාංශ කාර්යාලයේදී ඊයේ (18) පස්වරුවේ පැවැත්විණි.
මේ පිළිබදව අධ්‍යයන වාර්ථාවක් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අදාළ සංගමයෙන් ඉල්ලා සිටිනු ලැබීය. පළල අඩි 6 ක් සහ දිග අඩි 36 ක් දක්වා මෙම පාලම් සකස් කළ හැකි බව ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමය විසින් මෙහිදී පෙන්වා දුන් අතර එවැනි පාලම් අවශ්‍ය ස්ථාන හදුනාගැනීම සදහා ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා පැවසීය.
නව සංකල්පයක් තුළින් පරිසරය ආරක්ෂා කරමින් මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, විශේෂයෙන් වඩාත් දුෂ්කර ගම්මාන වල ග්‍රාමීය නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම, ජනතාවගේ දෛනික කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නිමල් ලාන්සා මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග එම ප්‍රදේශයන්ට අවේණිකව වූ ග්‍රාමීය නිෂ්පාදන දිරි ගැන්වීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ජාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ උප සභාපති ඩී.පී.එම්.චන්දන ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වූහ.