තව දුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ දේශීය ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කිරීමත්, සත්ව පාලන කටයුතු ආශ්‍රිත ගොවිපළ ප්‍රවර්ධනය කිරීමත් තම අමාත්‍යංශයේ වගකීම බවයි. වර්තමානය වන විට අප රටේ කිරි පරිභෝජන අවශ්‍යතාවයෙන් 35% පමණ දේශීයව නිපදවන බවත් ඉතිරි කිරි නිෂ්පාදන අවශ්‍යතාවයන් ආනයනය කිරීමට වසරකට බිලියන 34 පමණ අපගේ දේශීය ආර්ථිකයෙන් වැය කරන බවයි.
සත්ව පාලන ක්ෂේත්‍රය වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ මා නියෝජනය කරන වයඹ පළාත තුලයි. එම ප්‍රදේශයේ සාර්ථකව මෙම ක්ෂේත්‍රයේ යෙදිලා ඉන්න ගොවි මහතුන් වගේම ව්‍යාපාරිකයින් පිරිසකුත් ඉන්නවා. ඒ නිසා මට එම ක්ෂේත්‍රයේ අත්දැකීම් සමුදායක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා වයඹ පළාත මූලික කර ගෙන මුළු රටේම බහුතර ජනතාවක් සත්ව පාලනය උදෙසා යොමු කරන්න හැකි වේය කියලා. එමඟින් දේශීය දියර කිරි අවශ්‍යතාවය සපුරාලීමටත්, කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා වැයවන මෙම විශාල මුදල රටේ සංවර්ධන අරමුණු සඳහා ඉතිරි කර ගැනීමටත් මා අදහස් කරනවා.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, අතිරේක ලේකම් මේනකා අබේරත්න ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.