සිය අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය
වාහන සඳහා දුම් පරීක්ෂණ බලපත්‍රය ලබා තිබුණ ද මහා මාර්ගයේ ගමන් කිරීමට නොහැකි තරමට දුම පිටකෙරෙන වාහන මහා මාර්ගයේ ගමන් කරනු දක්නට ලැබෙන බවත්, ඒ අනුව මෙම ක්‍රියාවලියේ කොතැනක හෝ වරදක් සිදුව තිබෙන බවත්, ජනතාවට පීඩාකාරී නීතිරීති ඉවත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අදහස වී ඇති බවත් වාහන නියාමනය,බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය දා සිය ධුරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්මින් කියා සිටියේය.
දුම් පරික්ෂාව ක්‍රියාත්මක වනු ලබන්නේ පරිසර අමාත්‍යංශයට ඒකාබද්ධව නමුත් මෙහි කිසියම් වෙනසක් සිදු කළ යුතු බවත්, මේ සම්බන්ධ වූ ගිවිසුමේ විශාල වරදක් සිදුව ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ආයතන කිහිපයකට පමණක් සීමා වීම තුළ මෙම ගැටලුව පැන නැඟී ඇති බවත්, ලංගම හරහා ක්‍රියාත්මක කිරීමට සූදානම් වුව ද, සිදු කර ඇති ගිවිසුම නිසා අද වන විට අමතර ආයතනයක්වත් මිට ඇතුළත් කර නොහැකි බව ද කියා සිටියේය.
ඒ අනුව, වාහන දුම් බලපත්‍රය අවශ්‍ය ද යන්න පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමටත්, රියදුරු බලපත්‍රය ගැනීමට ජනතාවට පහසු නීති මිස අපහසු නීති නොතිබිය යුතු බවත්, ජනතාවට පීඩාකාරී අනවශ්‍ය නීති සංශෝධනයට සූදානම් බවත් දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.