ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ විශේෂ අවධානයට අනුව පසු ගිය මාස කිහිපය පුරා දියත් කළ නන්දිකඩාල් කළපුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරීක්ෂණ කටයුතු ඉකුත් දා අවසන් කර තිබේ.
ධිවර දෙපාර්තමෙන්තුව, ධිවර වරාය සංස්ථාව , නාරා ආයතනය,වන ජීවි දෙපාර්තමේන්තුව යන අයතනවල නිලධාරින් සහ ධිවර ප්‍රජාවන් සහභාගි වු අවසාන නිරික්ෂණ කටයුතු අනුව නන්දිකඩාල් මෝය කට ප්‍රදේශයේ ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමට තීරණය ගන්නා ලදි.
මේ අනුව පළමු අදියරහි කටයුතු ආරම්භ කිරීමට සුදානම් කර ඇත.
යුද්ධය නිසාත් නොසැලකිළිමත් භාවය නිසාත් පසුගිය අවුරුදු 30 කටත් වඩා කාලයක ප්‍රතිසංස්කරණ කටයුතු නොකිරීම සහ සුනාමි වැනි ස්භාවික ව්‍යවසන,සහ යුද්ධය හේතු කොටගෙන නන්දිකඩාල් කළපුවේ ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය හා මඩ නිසාත් මෙම කළපුවේ ස්වාභාවික සෞන්දර්යට හානි වී ඇත.
එම නිසා මසුන් සහ ඉස්සන් වැනි නිෂ්පාදන අඩු වීමත් සමග මෙම කළපුවෙන් යැපෙන දහස් ගණන් ධීවර පවුල් ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දී ඇත. මේ පිළිබදව දිගින් දිගටම සොයා බැලු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අදාළ නිළධාරීන්ට ලබා දුන් උපදෙස් වල ප්‍රතිඵලයක් ලෙස නන්දිකඩාල් කළපුවේ ප්‍රතිසංස්කරණ කටයුතු එළඹෙන සතියේ ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේ.