19වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට අද පැවති කැබිනට් හමුවේදී අනුමැතිය හිමිව තිබූ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කළ බවත් මහාචාර්ය ජී එල් පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල සහ අලි සබ්රි යන අමාත්‍යවරු මෙම පංච පුද්ගල අනුකමිටුවට අයත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ධූරකාලය අවුරුදු 05ක් ලෙස හා පාර්ලිමේන්තුවේ ධූරකාලය අවුරුදු 05ක් ලෙසත් ජනාධිපතිවරයා ධූරය දැරිය හැක්කේ දෙවරක් පමණක් බවටත් වන වගන්තිය එලෙසම තබා ගැනිමට අමාත්‍යවරු සියළු දෙනා එක්ඟ වී ඇති බවද සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කීය.