නව රජයේ නවවන මංගල පාර්ලිමේන්තු සැසිවාරය පෙ.ව. 09.30ට ආරම්භ වීමට නියමිත වන අතර ඒ සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇතැයි පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පැවසුවේය.
ඒ අනුව අද උදේ 09.30 ට පාර්ලිමේන්තුව කැදවීම සිදුවන අතර කතානායක, නියෝජ්‍ය කතානායක ආදී පාර්ලිමේන්තුවේ පවතින තතුරු සඳහා තෝරා පත් කරගැනීම සිදු කිරීමට නියමිතය කතානායකවරයා පත් කරගැනීමෙන් අනතුරුව, සියලුම මන්ත්‍රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්‍රතිඥාව සිදුකර ඉන්පසු ඔවුන් විසින් පාර්ලිමේන්තු ලේඛණයේ අත්සන් තැබීමද සිදුවනු ඇත. ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු පස්වරු 03 තෙක් අත් හිටුවීමට කටයුතු කෙරේ.
ඉන් අනතුරුව ප.ව 3.00 ට එළබෙන්නේ, පළමු මංගල රැස්වීම උත්සවාකාරයෙන් ආරම්භ වීමය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මීට පෙර රාජ්‍ය නායකයින් වෙත සිදු කළ ආචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර ආදිය මෙවර නොපැවැත්වන නමුත් අභිමානවත්ව සංස්කෘතික වටිනාකම්වලට මුල්තැන දෙමින්
පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසළ දී ජයමංගල ගාථා ගයමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමෙන් අනතුරුව අභිනව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා සභාගැබට
කැඳවාගෙන යනු ලබයි.
ඉන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි.
පාර්ලිමේන්තු සභාගර්භය තුළ උදය වරුවේ වම්පස විපක්ෂයද, දකුණු පස ආණ්ඩු පක්ෂයද වශයෙන් අසුන් ගැනීමට නියමිත වන අතර සවස් භාගයේ ජ්‍යෙෂ්ඨත්වය අනූව ආසන පිළිගැන්වෙනු ඇත. එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය වෙනුවෙන් හිස්ව ඇති ආසන දෙක තවදුරටත් හිස්ව පවතින බවත් මේ දක්වා එම ආසන වෙනුවෙන් කිසිම තීරණයක් ගෙන නොමැති බවත් ඉතිරි ආසන 223ම සූදානම් බවත් නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා කියා සිටියේය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත්වී දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ආසන පැනවීම පිළිබඳව කළ විමසීමේදී නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියේ ඔහුගේ නම ගැසට් කර ඇති බවත්, අධිකරණ තීන්දුව මත ඒ මහතා හට ආසන පැනවීම සම්බන්ධව තීරණය කිරීමට නියමිත බවයි.
කෝවිඩ් මාර්ගෝපදේශ අනූව සභාගර්භය තුළ සියලුදෙනා හැසිරීම අනිවාර්ය වන අතර, මුඛ ආවරණ පැළදීම, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකළ යුතු අතර සියලුදෙනා සෞඛ්‍ය උපදේශ අනූව සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු අතර කණ්ඩායම් සාකච්ඡා කිසි ලෙසකින් හෝ නොපැවැත්විය යුතු බවද නියෝජ්‍ය මහලේකම්වරයා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙවර පාර්ලිමේන්තුවට අමුත්තන් කැඳවීම ද සීමා කර ඇති අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට මුල්තැන දෙමින් සියලු කටයුතු සිදු කෙරේ.
පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් ජය ගැනීමට නොහැකි වූ අතර මෙවර පාර්ලිමේන්තුවට ඇත්තේ එක් ජාතික ලැයිස්තු නියෝජනයක් පමණි.පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිදු ආසනයක් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොකරන්නේ ද මෙම නව වැනි පාර්ලිමේන්තුවේ වීම විශේෂත්වයයි.
මහමැතිවරණයට ඉදිරිපත් වූ සමඟි බලවේගය මෙවර විපක්ෂයේ වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරයි.