මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ අද(20) කතානායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් 09 වන පාර්ලිමේන්තුවේ සියළුම නියෝජිතයන්ට සිය ස්තුතිය පළ කරන අවස්ථාවේදීයි.
කොවිඩ් වසංගත රෝගී තත්වය මර්ධනය කරමින් නව දේශපාලන පරිවර්තනයක් සහ දේශපාලන විපර්යාසයක් සමග රටේ ක්‍රියාත්මක වන හිතකර ප්‍රවණතාවය හමුවේ කතානායකධූරය හෙබවීම පිළිබඳව තමා සතුටු වන බවද කතානායකවරයා පැවසීය.
පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයන් නිසි ලෙස ඉටු කිරීමටත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය රැක ගනිමින් ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමටත් තමා අපේක්ෂාකරන බවත් පාර්ලිමේන්තුවේ චිරත්කාලයක් පැවත එන සම්ප්‍රදායන් ආරක්ෂාකිරීමට තමා කැප වන බවත් කතානායකවරයා වැඩි දුරටත් කීය.
සභාවේ සහ කාරක සභා වල කාර්යයන් සඳහා නිරතුරුව සහභාගීවෙමින් ඒ සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන ලෙස කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර විවිධ දේශපාලන බෙදීම් පසෙක ලා ජනතාවාදී මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කරන ලෙසත් දේශපාලන ගැටුම්වලින් තොරව රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වන ලෙසත් ඉල්ලා සිටියේය.