මෙම අවස්ථාවට රජයේ මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරිහු, හා පාර්ලිමේන්‍තු විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, සිය කාර්යාලයීය ලිපිවලට අත්සන් තබමින් නිල කටයුතු ආරම්භ කළේය.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය වසරේ ජනවාරි මස 03 වැනි දින සිට මාර්තු 02 දක්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය. ප්‍රනාන්දු මහතා වසර 2000 දී පාර්ලිමේන්තුවට පිවිස, කැබිනට් අමාත්‍ය ධූර ඇතුළු රජයේ විවිධ වගකීම් රැසක් දැරූ පරිණත මන්ත්‍රීවරයෙක් වන හෙතෙම කුරුණෑගල, ශාන්ත ආනා විදුහලෙහි ආදි සිසුවෙකි .