මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනතාවට බලපාන සියලු ගැටලු සඳහා විසඳුම් ලබාදී තිබෙනවා- රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ

    අගෝස්තු 21, 2020

    ජනතාවට වඩා සංවේදී ආණ්ඩුවක් ජනතාව විසින් ම තෝරා පත් කර ගෙන තිබෙන බවත් ඊළඟ අවුරුදු 05 තුළ දීප්තිමත් අනාගතය වෙනුවෙන් රට ගොඩ නගන බව රාජ්‍ය අමාත්‍ය සෙහාන්  සේමසිංහ මහතා පවසයි.

     

    රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

    ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනතාවට බලපාන සියලු ගැටලු සඳහා විසඳුම් සියල්ල ලබාදී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    උපාධිධාරීන්ට රැකියා ලබදීම සඳහා රජය කටයුතු කර තිබෙන බවත් උපාධිධරීන් 61ක් දහසක් වෙනුවෙන් රැකියා ලබාදෙන බවත් සාපෙළ සමත් නොවූ ලක්ෂයකට ද රැකියා ලබාදෙන බවත් ඒ  අනුව 161000කට රාජ්‍ය සේවයේ රැකියා වරම් ලබාදෙන බවද පැවසීය.
    තරුණ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන එකම ආණ්ඩුව මෙය බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර මත්ද්‍රව්‍ය හා පාතාලය මුලිනුපුටා දැමීමට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයගේ  නායකත්වයෙන් සිදු කෙරෙන බවද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya