මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    රට ගොඩ නගන තිරසාර වැඩපිළිවෙලට තරුණ පරපුරද හවුල් කරගනිමින් රට සංවර්ධනය කළ යුතුයි

    අගෝස්තු 21, 2020

    රට ගොඩ නගන තිරසාර වැඩපිළිවෙලට තරුණ පරපුරද හවුල් කරගනිමින් රට සංවර්ධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

     

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති නවවැනි පාර්ලිමේන්තුවේ  ප්‍රථම සැසිවාරයේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට ලක් කිරීමේ ප්‍රථම යෝජනාව  ඉදිරිපත් කරමින්  නවක මන්තත්‍රිවරයෙකු වූ නිපුන රණවක මහතා මේ බව සඳහන් කළේය.

     

    කොරෝනා වසංගත සමයේ රටක් වශයෙන් අප දැක් වූ ජයග්‍රහණය හේතුවෙන් ලෝකය ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයෙන් සිටින බවත් එය අපේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යොදා ගනිමින් එළඹෙන සංචාරක වාරයේදී සංචාරකයින් වැඩිවශයෙන් ගෙන්වා ගැනීමට යොදා ගත හැකි බවත් මිරිස්සේ ඩොල්ෆින් මසුන් ,පොල්හෙනේ කැස්බෑවන් , දෙනියායේ සිංහරාජය වැනි දේශීය පරිසර පද්ධතිය සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගත හැකි බව නවක මාන්ත්‍රීවරයා සිය කතාවේදි පැහැදිළි කළේය.

    පිත්තල , වළං කර්මාන්ත වැඩිදියුණු කරමින් දේශීය කර්මාන්ත නගා සිටුවිය යුතු බවද පාසල් දරුවන් මත් උවදුරෙන් ගළවා ගැනිම ගැනද සඳහන් කළේය.


    ගිං , නිල්වලා ගංගා හම්බන්තොටට හැරවීමේ වසර ගණනාවක් නැවතී තිබූ වාරි ව්‍යාප්ති නැවත ආරම්භ කරමින් , පුරන් කුඹුරු අස්වද්දමින් දේශීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම සඳහා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව නිපුණ රණවක මහතා කිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya