මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල මේවනවිට ක්‍රියාත්මකයි- සභානායක

    අගෝස්තු 21, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා විරහිත උපාධිදාරින් උපාධිධාරින්ට රැකියා ලබා දීමේ වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක වූ බවත් එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි පසුගිය මැතිවරණය හේතුවෙන් එම වැඩපිළිවෙළ අතරමගදී නතර වූ බවත් එහෙත් එම උපාධිධාරින් කැඳවීමේ වැඩපිළි‍වෙළ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති බවත් සභානයක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    රජයේ ඉදිරිවැඩපිළිවෙළ පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) පැවති පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී මේ පිළීබඳව ඉතා පැහැදිළිව සදහන් කළ බවත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ අනුමත ඒ හා සමාන ආයතනයක උපාධිධාරි වූ සියළු රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දෙන බවද අමාත්‍යවරයා කිය

    ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්  උපාධිදාරින්ගේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධව අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya