රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද(21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
එමෙන්ම පසුගිය දා මුළු දිවයිනටම සිදු වූ හදිසි විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා සමාව ඉල්ලන බවත් පැට 8ක පමණ කාලයක් සිදු වූ මෙම විදුලි බිඳ
වැටීම ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉදිරි වසර 5තුළ ඩීසල් මත යැපෙන්නේ නැති, පුනර්ජනනීය බලශක්ති ක්‍රම මගින් එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ වැඩපිළිවෙළක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබෙන බවත් එමගින් ඩීසල්
සඳහා නාස්ති වන විශාල මුදල ඉතිරිකරගත හැකි බවද අමාත්‍යවරයා කීය