උගතුන්, බුද්ධිමතුන්,වෘත්තිකයින් වැනි පරිණතයින් රැසක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කර සිටීම රටේ සුභ ලකුණක් බව සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරි වසර 05ක කාලයක් තුළ සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා මෙම කාරණය ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් අද (21) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
මෙරට 2/3 වැනි ප්‍රමාණයක් වියළි කාළගුණය පවතින බවත් නියඟයත්,ජලය වැනි කාරණ ගැන අවධානය යොමු කරමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන සාම්ප්‍රදායික ගොවියා තාක්ෂණික ගොවියෙක් බවට පත් කිරීම ගැන අවධානය යොමු කළ යුතු බවත් නව ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කිය.