මෙය පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය තිබිණි.
මෙම අන්තර්ජාලය ඔස්සේ පැවැත් වු සාකච්ඡාවට ශ්‍රී ලංකා සංචාරක සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම,(ආර්එස්පී, වීඑස්වී, එන්ඩීසී), අලෙවිකරණ අධ්‍යක්ෂ (ශ්‍රී ලංකා ටෙලිකොම්) සහභාගි විය.
සාකච්ඡාවට භාජනය වූ ප්‍රධාන කරුණු අතර COVID-19 පසුව පරිසරයක් තුළ සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම හා පාකිස්තානයේ සංචාරකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳව වැඩි දැනුවත් කිරීමක් ඇති කිරීම සම්බන්ධයෙනි.
තවද, මාධ්‍ය , ටෙලිකොම්, රක්ෂණ, බැංකු, රාජ්‍ය නොවන සංවිධාන, මයිස් වැනි ක්ෂේත්‍රවල කණ්ඩායම් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අලෙවිකරණ අධ්‍යක්ෂක දුෂාන් වික්‍රමසූරිය මහතා විසින් ශ්‍රී ලංකාවට පකිස්ථාන සංචාරකයින්ගේ ගමන් රටාවන් සහ පාකිස්තානයේ ප්‍රවර්ධනය කළ යුතු ප්‍රධාන නිෂ්පාදන පිළිබඳව යාවත්කාලීන කිරීමක් ලබා දෙන ලදී.
බොහෝ පාකිස්තාන සංචාරක ක්‍රියාකරුවන් ඉස්ලාමාබාද් (පාකිස්තානයේ අගනුවර) සමඟ සම්බන්ධ වීමේ වැදගත්කම අවධාරණය කළහ. ගුවන්තොටුපළ විවෘත වූ වහාම ශ්‍රී ලංකන් ගුවන් සේවය කරච්චි වෙත සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරිමටත්, මෙය ලාහෝර් නගරය සහ ඉස්ලාමාබාද් නගරය දක්වා ව්‍යාප්ත කරන බවත් සාකච්ඡා විය.