ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දෙනු ලැබීය.
ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අතර මෙවැනි අඩුපාඩු සකස් කරදී ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළට ගෙනඒම පිළිබදව මෙහීදි කතාබහට ලක් වී තිබේ. රට වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තමන්ගේ අනාගතයම කැපකරන බවත් ඔවුන්ව රැක බලාගැනීම ජාතියක් ලෙස අපගේ වගකීමක් බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය