(21) දිනය තුළදී PCR පරික්‍ෂණ 1590 ක් සිදුකර ඇත.
ඊයේ (22) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් විසි හතර දෙනෙකු (24) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් හය දෙනෙකු (06) විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් දහ අට දෙනා (18) දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ලෙස වාර්තා වේ.
ඒ අනුව, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 589 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව
ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 40 දෙනෙකු වේ.