මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    අගෝස්තු 24, 2020

    නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත දන්වා තිබේ.


    එළඹෙන අගෝස්තු 25 සහ 26 යන දෙදින තුළදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර 01 හිදී මෙම වැඩමුළුම පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සියළු කටයුතු සැලසුම් කොට තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උදෙසා පාර්ලිමේන්තු‍වේ කටයුතු පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් සංවිධානය කොට ඇති මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද ඊට සහභාගී වීමට නියමිත ය.

    මෙම වැඩමුළුව සඳහා සහභාගීවන ලෙස පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරයන්ට ආරාධනා කරන බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya