මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි කලාප ජනපදිකයින්ට ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කඩිනම් කෙරේ - රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්

    අගෝස්තු 24, 2020

    මහවැලි කලාප, මුළුමනින්ම වැඩ බිමක් කර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දීම තම අභිලාෂය බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මහවැලි කලාප තුළ පවතින සැම බිම් අඟලක් ම, ආහාර නිෂ්පාදනය ඇතුළු විවිධ ව්‍යාපෘති සඳහා ත්, එහි ප්‍රතිලාභ එම ප්‍රදේශවල ජනතාව ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ත්, වෙන්විය විය යුතු බවයි

    හෙතෙම මේ බව කියා සිටියේ පසුගියදා මහවැලි කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් කැඳවා එම අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි.

    ආයෝජන කර්මාන්තය සඳහා මහවැලි කලාප ඉඩම් බෙදා දීමේදී එම ව්‍යාපෘති මඟින් නිසි ඵලදායිතාවයක් හිමි වන්නේ ද යන්න යළි සමාලෝචනයක් කළ යුතු බව අවධාරණය කරන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ට සමගාමිව මහවැලි කලාප වල නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද පැවැසීය.
    රාජ්‍ය නිලධාරීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා.

    " මහවැලි කලාප වල පවතින ඉඩම්, ආයොජන සඳහා, නිදහස් කිරීමේ දී එම ව්‍යාපෘති ජනතාව ගේ යහපත සඳහා කෙතරම් වැදගත් කමක් උසුලන්නේ ද යන්න, පුළුල් අධ්‍යනයක් සිදු කළ යුතුයි.
    ආයෝජන සඳහා ඉඩමක්, ලබා දීමේදී එහි ප්‍රධාන හරය විය යුත්තේ ජනතාව ට ලැබෙන ප්‍රතිලාභ සහ ජාතික ආර්ථිකය ලබා දෙන දායකත්වයයි. ඒ අනුව සුදුසු ව්‍යාපෘති පමණක් ආයෝජන සඳහා තෝරා ගත යුතුව තිබෙනවා.
    තවද , මේ වන විට ආයෝජන ව්‍යාපෘති සඳහා නිදහස් කර ඇති ඉඩම් වලින් නිසි ලෙස ඵලදායිතාවයක් ලබා ගන්නේ ද යන්න සොයා බලන ලෙස මම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් ට ට උපදෙස් ලබා දෙනවා.
    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගේ ද අනුදැනුම යටතේ මහවැලි කලාප තුළ ආහාර නිෂ්පාදනය විධිමත්ව පවත්වා ගෙන යාම මගේ අරමුණ වී තිබෙනවා. විශේෂයෙන් අප රටේ නිෂ්පාදනය කළ හැකි ආහාර වගා කිරීම තුළින් විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරි කරගත හැකියි"

    එමෙන්ම මහවැලි කලාප වල ජනතාවට දීර්ඝ කාලයක සිට, පවතින ඉඩම් හිමිකම සම්බන්ධ අර්බුදය විසඳා එම ජනතාව ට කඩිනමින් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමටත්
    ඉඩම් ආරාවුල් සඳහා ද කඩිනමින් විසඳුමක් ලබා දීම ටත්, නිසි ක්‍රම වේදයක් සකස් කරන ලෙස ද අදාළ අංශ වෙත අමාත්‍ය වරයා උපදෙස් දුන්නේ ය.
    තවද මහවැලි කලාප වල පදිංචිව සිටින ජනතාව ට , දැඩි පිඩාවක් වී තිබෙන වන අලි ගම් වැදීම, බරපතළ සමාජ ගැටලුවක් බවත්, ඒ සඳහා රේඛීය අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කර විසඳුම් ළඟා කර ගත යුතු බවත් සිරිපාල ගමලත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාව සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස් සේනානායක, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු බී.ඒ සුනිල් එස් පෙරේරා, යන මහත්වරු ඇතුළු මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සහභාගි වී සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya