මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ලබාදීමට සියලු විධිවිධාන සළසා අවසන්- අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්

    අගෝස්තු 24, 2020

    උපාධිධාරීන් පනස් දහසට පත්වීම් ලිපි ප්‍රදානය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී එළඹෙන 02දා සිදුකිරීමට තම අමාත්‍යංශය සියලු විධිවිධාන සළසා අවසන් බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

    ජනාධිපතිතුමන් සිය ජනාධිපතිවරණ ව්‍යාපරය තුළදී රටේ රැකියා විරහිත මෙන්ම සුදුසුකමට රැකියාවක් නොලැබූ උපාධිධාරී තරුණ තරුණියන්ට දුන් පොරොන්දුව අනුව තම රජය පසුගිය පෙබරවාරී මාසයේ මෙම වැඩසටහන සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවූ බවත් 2019 දෙසැම්බර් 31 දින වන විට උපාධිය සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් මේ සඳහා තෝරා ගත් බවද අමාත්‍යවරයා පැවසීය.

    මේ භාරදුර වගකීම තම අමාත්‍යංශය වෙත පැවරීමෙන් අනතුරුව අමාත්‍යංශ නිලධාරීන් මූලික වගකීම මෙම රැකියා ලබා දීමේ වැඩසටහන ලෙස අවබෝධ කරගනිමින් අදාළ රාජකාරීය මේ වන විට කඩිනමින් සිදු කරමින් සිටින බවද ජනක බණ්ඩාර අමාත්‍යවරයා සඳහන් කරයි.

    මුල් අධියරේ දී මෙලෙස පනස් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අදාළ ලිපි මේ වන විට ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබීමට කටයුතු සළස්වා ඇති බව සඳහන් කරන අමාත්‍යවරයා, ඉතිරි දස දහසක් වන උපාධිධාරීන්ගේ අභ්‍යාසලාභී පත්වීම් ලිපිද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

    එළඹෙන සැප්තැම්බර් 02 දා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට තම අමාත්‍යංශය පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    මේ වන විටත් තෝරාගත් සියලු උපාධිධාරීන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් තම අමාත්‍යංශ නිලධාරීන් සකස් කොට අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනධිපතිතුමන් හා අගමැතිතුමන් තමන් හා තම අමාත්‍යංශය කෙරේ විශ්වාසය තබමින් ලබා දුන් අභියෝගය කඩිනමින් සපුරා ගැනීමට හැකිවීම පිළිබඳ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රමුඛ කොටගත් අමාත්‍යංශ නිලධාරීන්ට තම ස්තූතිය පුද කරන බවද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya