ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය සහ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ අතර සාකච්ඡාවක් පසුගියදා (22) අරලියගහ මන්දිරයේදි පැවැත්වුණු අතර එම අවස්ථාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රට ගොඩනගන වැඩපිළිවෙල හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙනයන වැඩපිළිවෙල සඳහා දායක වන ලෙස එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා ගණකාධිකාරි සේවා සංගමයේ නියෝජිතයින්ට ආරාධනා කළේය.
එහිදී එම සංගමය විසින් ගණකාධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමයේ සභාපති එම් එස්. අනුරුද්ධ මහතා ඇතුළු නියෝජිතයින් කණ්ඩයමක් සහභාගි වූහ.