මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    විදුලි බිඳවැටීම සොයාබැලූ කමිටු වාර්තාව ඇමැති අතට - වාර්තාව කැබිනට් මණ්ඩලයට

    අගෝස්තු 25, 2020

    විදුලිය බිඳවැටීම සම්බන්ධව සොයාබැලීමට පත්කල කමිටුවේ වාර්තාව ඊයේ දිනයේදී විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදෙන ලදී.

    පසුගියදා සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් සිදුවූ විදුලිය බිඳවැටීම පිළීබදව සොයා බැලීමටත්, එවැනි තත්ත්වයන් නැවත ඇතිවීමේ ප්‍රවණතාවය අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව  හඳුනාගැනීමටත්, මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ නියෝජිතයින් නව දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුව පත් කළ අතර ඔවුන් විසින් අදාළ වාර්තාව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට බාරදෙන ලදී.

    පසුගිය 18 දින සිය ප්‍රථම කමිටු රැස්වීම පැවැත්වූ මෙම කමිටුව විසින් අදාළ විදුලිය බිදවැටීමේ සිද්ධියට බලපා ඇති හේතු සාධක සම්බන්ධයෙන් සියලු කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම  වාර්තාව සකස්කර තිබේ.‍

    හෙට (26) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya